Advertisement

Tuesday, July 26, 2016

බෞද්ධ දර්ශනය යනු කුමක්ද?


Lord Buddha
නූතන විද්‍යාඥයින් පිළිගන්නා පරිදි පෘථිවියේ වයස ආසන්න වශයෙන් අවරුදු බිලියන 4.5 කි. මොවුන් මෙම තීරණය කරා එළඹි ඇත්තේ විවිද පොසිල හා ආකාශ වස්තු නිරීක්ෂණය කිරීමෙනි. නමුත් බෞද්ධයන් වන අප අසා ඇති පරිදි බුදු වරුන් 28ක් ගැන ධර්මයෙහි සඳහන් වේ. ඇතැම් බුදු වරුන්ගේ පරමායුෂ වසර කල්ප ගණනකි. එසේනම් වසර බිලියන 4.5ක් පමණක් වයසැති පෘථිවිය මෙම කතා පුවතට බාධාවක් බව බුද්ධිමත් ඔබට වැටහෙනු ඇත. එසේනම් සිදුව ඇත්තේ කුමක්ද?

අප මහා ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි "ලෝක විෂය අචිත්‍යය" ය. බුදුන් වහන්සේ ලෝක විෂය ගැන විටක මෙලෙස උදාහරණ දක්වා ඇත. විශාල රුක් ඇති වනයක එක් රුකකින් කොළ අහුරක් කඩා එම කොළ අහුර හා මුළු වනයේම කොළ තමන් වහන්සේ ලෝකය පිලිබඳ දේශනා කල දෙයටත් තමන් වහන්සේ ලෝකය පිළිබඳ අවබෝධ කර ගත් දෙයටත් සමාන කල සේක. මෙසේ දේශනා නොකළ කොටස වැඩි වීමට හේතු වන්නට ඇත්තේ එම දැනුමෙන් මිනිසාට කිසිදු ප්‍රයෝජනයක් නොමැති කමත් ඒවා වටහා ගැනීමට තරම් බුද්ධියක් නොමැති කමත් නිසාය.

නමුත් බුදුන් වහන්සේ වදාළ අග්ගඥ සූත්‍රයේ දක්වා ඇති පරිදි විශ්වය කාලයකදී සංකෝචනය වෙමින්ද(සංවට්ට මාන කප්ප) කාලයකදී ප්‍රසාරණය( විවට්ටමාන කප්ප) වෙමින්ද පවතී.
මෙය සදාකාලිකව සිදු වන්නකි. (චක්‍රීය චින්තනය). මේ අතර තුර පෘථිවිය ඇති වෙමින් හා නැති වෙමින් දිගින් දිගටම පවතී. අවසාන වරට පෘථිවිය ඇති වී අදට වසර බිලියන 4.5ක් විය හැකිය.

චක්‍රීය හා රේඛීය චින්තන.

ආදී යුගයේ පටන් මිනිසා ලොවෙහි ඇති සෑම දෙයකම ආරම්භය හා අවසානය සෙවීමට උත්සාහ දරා ඇත. මෙම උත්සාහය පසුකාලීනව කොටස් දෙකකට විකසනය වී ඇත.

1. ආරම්භයකුත් අවසානයකුත් යන දෙකම ඇත. ( උදා- සරල රේඛාව)
2. ආරම්භයකුත් අවසානයකුත් යන දෙකම නැත. (උදා- වෘත්තය)

මෙම චින්තන දෙක ඔස්සේ පසුකාලීනව විවිධ ආගම් නිර්මාණය විය. මෙහි 1 හි  ප්‍රතිපලයක් ලෙස ආරම්භය මැවීමකින් සහ අවසානය සදාකාලික සැපයකින් අවසන් වන දේවවාදී ආගම් නිර්මාණය විය.  මෙහි 2 හි ප්‍රතිපලයක් ලෙස ආත්මවාදී ආගම් බිහිවිය.

මෙහි අංක 1 චක්‍රීය චින්තනය ලෙසත්, අංක 2 රෙඛීය චින්තනය ලෙසත් හඳුන්වමු.

එසේනම් බුදු දහම මින් කුමන කොටසට අයත් වේද?

මෙම ගැටලුවට පිළිතුරු ලබා ගැනීමටනම් බුදුන් වහන්සේගේ දේශනාව ඔස්සේම යා යුතුය. අප මේ සඳහා "මැදුම් පිළිවෙත" උපයෝගී කර ගනිමු.
එනම් ඉහත 1 හා 2 යන කොටස් දෙකෙන්ම බුදු දහම පෝෂණය වී ඇත. උදාහරණයක් ලෙස ගතහොත්, බෞද්ධයාගේ උතුම්ම සපත වන නිර්වාණය රේඛීය චින්තනයේ අවසානය නිරූපණය කරන අතර "පටිච්ච සමුප්පාදය" චක්‍රීය චින්තනයකට උදාහරණ දෙයි.

බෞද්ධ යන්නෙහි අර්ථය කුමක්ද?

මෙහි සරල අර්ථය බුද්ධිමතා යන්නයි. එනම් ප්‍රඥා සම්පන්න බුද්ධිමතා සැබෑ බෞද්ධයකු වන බවයි.. බුද්ධ කාලීන භාරතයේ බුදු දහම වටා එක් රැස් වූ පිරිස දෙස බැලීමෙන් මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකිය.

බුද්ධ දර්ශනයේ මූලික හරය කුමක්ද?

ඕනෑම බුදු වරයකුගේ පරම අධිෂ්ඨානය ලෝක සත්ත්වයා දුකෙන් නිදහස් කිරීමයි. එනම්  දුක්ඛ නිරෝධයයි. මෙය සිදුකරන අයුරු බුදුන් වහන්සේ මනාව පැහැදිලි කර ඇත. කළ යුත්තේ නිවැරදි මඟ අනුගමනය කිරීම පමණි. 
වඩා සවිස්තර ධර්ම කරුණු දෙස බුද්ධිමත් විවරණයක් සමඟින් යලිත් හමු වෙමු.

මෙය කියවූ සියලුම දනන් හට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!

Related Posts:

  • අෂ්ඨ මහා නරක පිළිබඳ ඔබ නොදත් තතු - Truth of the Hell අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද යන මාතෘකාව යටතේ මින් පෙර ලියූ ලිපියේ සම්බුද්ධ ලෝක විදූ ඥාණයෙන් දේශනා කරන ලද සතර අපාය පිළිබඳව කෙටි හැඳින්වීමක් කර ඇත. ඉන් එක් අපායක් වන නරක (නිරය) පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමට මෙම ලිපිය… Read More
  • අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද? - Truth of the Hell අපාය යනු කුමක්ද?- ( What is the Hell) සාමාන්‍යයෙන් අපාය (The Hell) යන වචනය සමඟ ගැබ්ව ඇත්තේ දැඩි දුක් සහගත බවකි. අද සමාජයේ බොහෝ දෙනා ඉතා අප්‍රසන්න සිදුවීමක් දුටු විට "මෙය නම් අපායක්" යයි කීමට පුරුදුව සිටිති. අපාය ප… Read More
  • ජීවීන්ගෙන් නිකුත් වන රෂ්මි ධාරා (Human Aura) - Kirlian Photography බෞද්ධ අපට මිනිස් සිරුරු වලින් රෂ්මි ධාරා (Human Aura) විහිදීම එතරම් ආගන්තුක සංකල්පයක් නොවේ. අප කුඩා කල සිටම බුදු රජාණන්වහන්සේගේ හා රහතන් වහන්සේලාගේ සිරුරු වලින් රෂ්මි ධාරා විහිදීම විවිධ කලාත්මක නිර්මාණ ඔස්සේ දැක ඇත. බු… Read More
  • අවකාශ කාලය විදු ඇසින් සහ බුදු ඇසින් - Space Time In Buddha's View කාලය (time) කියූ සැනින් අප හට මතකයට නැගෙන්නේ ඔරලෝසුවක කටුය. කාලය ගත වීම අපට අනුව නම් වේලාව වෙනස් වීම වේ. නමුත් මෙම කාලය යන සංකල්පය දාර්ශනිකයන් දුටු ආකාරය හා මේ පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළේ කුමක් ද යන වග මෙම ලිපියෙන්… Read More
  • සතර බ‍්‍රහ්ම විහරණ - Sathara Brahma Wiharana             බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මස… Read More

7 comments:

  1. මම මෙච්චර කාලෙකට කියවපු හොදම බ්ලොග් 1 මේක.
    දිගටම ලියන්න...
    තෙරුවන් සරණයි

    ReplyDelete
    Replies
    1. ප්‍රඥාවNovember 28, 2016 at 7:11 PM

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

      Delete
  2. තෙරුවන් සරණයි ! .

    ReplyDelete
  3. Theruwan saranin uthum niwan awabodaya labimatath , niwan maga lowata penwadimatath yoda bala yoda wiirya labewa !

    ReplyDelete
  4. woww super califrgilistice expirlydotions. congragulations. i m reading this blogs. very perfactly.





    ReplyDelete
  5. A very valuable article

    ReplyDelete
  6. තෙරුවන් සරණ වේවා 🪷🪷🪷

    ReplyDelete