Advertisement

Monday, August 8, 2016

අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද? - Truth of the Hell

අපාය (apaya) - The hell

අපාය යනු කුමක්ද?- ( What is the Hell)


සාමාන්‍යයෙන් අපාය (The Hell) යන වචනය සමඟ ගැබ්ව ඇත්තේ දැඩි දුක් සහගත බවකි. අද සමාජයේ බොහෝ දෙනා ඉතා අප්‍රසන්න සිදුවීමක් දුටු විට "මෙය නම් අපායක්" යයි කීමට පුරුදුව සිටිති.

අපාය පිළිබඳව විවිධ ආගම් හා දර්ශණ වල විවිධ ආකාර වලින් දක්වා ඇත. මේ අතරින් අපාය පිළිබඳව සැලකිය යුතු හැඳින්වීමක් සිදු කර ඇත්තේ බුදු දහම පමණි.

ඇතැමෙකුට අනුව අපාය යනු මෙලොවම ඇති විවිධ අවස්ථාවන්ය. ඔවුනට අනුව සුර ලොව යනු අධ්ක සැප සම්පත් ඇති අය වෙසෙන ස්ථාන වන අතර, අපාය යනු ඉතා දුක්ඛිතව මිනිසුන් වාසය කරන ස්ථාන වේ. නමුත් මෙය විය නොහැකි බව බෞද්ධ දර්ශණය යම් පමණකට වත් දන්නා අයකුට සිතා ගත හැකිය. අපායවල් පිළිබඳව බුද්ධ දේශනාවේ විශේෂයෙන් සඳහන් කර ඇත.

අප දන්නා පරිදි බෞද්ධ අභිධර්මයේ කාම ලෝක 11 ක් පිළිබඳව සඳහන් වේ.  එනම් දල ශරීර ඇති ජීවීන් සිටින ලෝක 11ක් ගැන ධර්මයේ සඳහන් වේ.
  1. සදෙව් ලොව
  2.  මනු ලොව
  3.  සතර අපාය
එම නිසා අපායද මිනිසුන් අතරම ය යන මිත්‍යා දෘෂ්ඨිය බැහැර කල හැකිය. මින් අපායද කොටස් සතරකට බෙදා වෙන් කර සතර අපාය ලෙසින් දක්වා ඇත. එම කොටස් සතර පහත දැක්වේ.
  1. නරක (නිරය) 
  2. ප්‍රේත ලෝකය
  3. තිරිසන් ලෝකය
  4. අසුර ලෝකය
මෙම ලිපියේ මාතෘකාව අපාය (The Hell) බැවින් අප මෙම කොටස් සතර විග්‍රහ කර බලමු.

1.නරක (නිරය)

මෙම අපායේ උපත ලැබීමට හේතු වන්නේ, පෙර භව වල දී අධික කෝපයෙන් හා වෛරයෙන් ක්‍රියා කිරීමයි.
අනෙකුත් අපායවල් ත්‍රිත්වය හා සැසදීමේදී නිරය යනු අතිශය බිහිසුණු ස්ථානයකි. මෙම නිරය ධර්මයෙහි ප්‍රධාන  වශයෙන් කොටස් 8 කට බෙදා දැක්වේ.

  1. සංජීව නිරය
  2. කාල සූත්‍ර නිරය 
  3. සංඝාත නිරය
  4. රෞරව නිරය
  5. මහා රෞරව නිරය
  6. තාප නිරය
  7. ප්‍රතාප නිරය
  8. අවීචි මහා නිරය
(මෙම අට මහා නිරය පිළිබඳව පුළුල් විස්තරයක් ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.)

විවිධ අකුසලයන් සිදු කළවුන් තම කර්ම වලට අනුරූපව මෙම අට මහා නිරයන්හි ඕපපාතිකව (මවක් නොමැතිව ඉබේ සිදු වන උපතක්) උපත ලබති. කර්ම ශක්තීන් අවසන් වූ තැන නැවත වෙනත් භවයක උපත ලැබීමේ හැකියාව පවතී.

2.ප්‍රේත ලෝකය

අපාය සතරෙන් මීළඟ අපාය වන්නේ ප්‍රේත ලෝකයයි. යමකු අධික තණ්හාවෙන් තම චුති චිත්තය සකසා ගනියිද හෙතෙම ප්‍රේත ලෝක වල උපත ලබන්නේය. මෙම ලෝකයේ සිටින සංචේතන සත්ත්වයෝ "කුසගිණි භූතයන්" ලෙසද හැඳින්වේ. විවිධ ප්‍රේතයන් විඳින දුක් පිළිබඳව "ප්‍රේත වස්තුව" නම් ග්‍රන්ථයේ මනාව දක්වා ඇත. මෙම ලෝකයේ ඕපපාතිකව පහල වන ජීවීහු නිරතුරු කුස ගින්න හා පිපාසය සංසිඳවා ගත නොහැකිව අපා දුක් විඳිති. ටිබෙට් භව චක්‍රයේ පටු බෙල්ලක් සහ විශාල උදරයක් සහිතව මෙම ජීවීහු දක්වා ඇත්තේ ද ඉහත කී නොසන්සිඳෙන ආශාවන් සංකේතාත්මකව දැක්වීම සඳහාය.

3.තිරිසන් ලෝකය

තෙවන අපාය ලෙසින් දක්වා ඇති තිරිසන් ලෝකය පුහුදුන් මිනිස් ඇසට ගෝචර වන එකම අපාය වේ. අධික මෝහය හා අවිචාර සම්පන්න හැසිරීම නිසා සත්ත්වයෝ තිරිසන් යෝනියක උප්පත්තිය ලබති. තිරිසන් අපාය ලෙස හඳුන්වන්නේ පෘථිවිය මත පවතින මනුෂ්‍යයන් හැරුණු විට ඇති සත්ත්ව ලෝකයයි.

4.අසුර ලෝකය

සිව් වන අපාය ලෙස හැඳින්වෙන මෙම අපාය උප දේවතාවන්ගේ වාස භවනයි. ඊර්ෂ්‍යාව හා ව්‍යාපාදය හේතුවෙන් ඇති වන්නා වූ කර්ම ශක්තියෙන් ඕපපාතිකව මෙම ලෝකයේ උප්පත්තිය සිදුවේ. යහපත් අරමුණෙන් යමක් කලද එයින් අන් යට හානි වීම හේතුවෙන් මෙලොව උපත ලබයි. මෙම ලෝකයේ උපත ලබන සත්ත්වයා මනුෂ්‍යාට වඩා සැප සම්පත් බුක්ති වින්ද ද දෙවියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙලේ. එම නිසා මෙම ලෝකය ඊර්ෂ්‍යාකාරී දේව ලොව, අර්ධ දෙව් ලොව හෝ දෙවියන්ට එරෙහි ලොව යනුවෙන්ද හැඳින්වේ. මනුෂ්‍යයන්ට තිරිසන් ලොව දර්ශනය වන්නේ යම් සේද අසුර ලොවට දෙව් ලොව දර්ශනය වේ. මෙම නිසා මෙම දෙලොව අතර විවිධ ගැටුම් ඇති වූ බවද (සුර අසුර යුද්ධය) සූත්‍ර දේශනා වල සඳහන් වේ.

නිරයේ ස්වභාවය-Apaya (The Hell) ත්‍රිමාණ සජීවීකරණයක් ලෙසින් පහත වීඩියෝවේ දක්වා ඇත. ( මෙය විශ්වාස මත පදනම්ව නිර්මාණය වූවක් බව කරුණාවෙන් සලකන්න.)


අන් දේවවාදී ආගම් වල මෙන් සදාකාලිකව අපායේ සිටීමක් හෝ සදාකාලිකව සුගතියේ සිටීමක් හෝ බුදු දහම නොපිළිගන්නා අතර බෞද්ධ දර්ශනයේ පරම සැපත උතුම් වූ නිර්වාණයයි.
තෙරුවන් සරණයි...!


(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු ලබා ගැනීම- Wikipedia විශ්ව කෝෂයෙනි.) 



Related Posts:

  • අවකාශ කාලය විදු ඇසින් සහ බුදු ඇසින් - Space Time In Buddha's View කාලය (time) කියූ සැනින් අප හට මතකයට නැගෙන්නේ ඔරලෝසුවක කටුය. කාලය ගත වීම අපට අනුව නම් වේලාව වෙනස් වීම වේ. නමුත් මෙම කාලය යන සංකල්පය දාර්ශනිකයන් දුටු ආකාරය හා මේ පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළේ කුමක් ද යන වග මෙම ලිපියෙන්… Read More
  • අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද? - Truth of the Hell අපාය යනු කුමක්ද?- ( What is the Hell) සාමාන්‍යයෙන් අපාය (The Hell) යන වචනය සමඟ ගැබ්ව ඇත්තේ දැඩි දුක් සහගත බවකි. අද සමාජයේ බොහෝ දෙනා ඉතා අප්‍රසන්න සිදුවීමක් දුටු විට "මෙය නම් අපායක්" යයි කීමට පුරුදුව සිටිති. අපාය ප… Read More
  • සතර බ‍්‍රහ්ම විහරණ - Sathara Brahma Wiharana             බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මස… Read More
  • අවබෝධයට උදව් වන කරුණු හතක්. (සප්ත සම්බෝජ්ජංග)           අප සෑම දෙනාම මෙලොව එලිය දුටු දා සිට මිය යන තුරුම ඉගෙනීම සිදු කෙරේ. අපට එදිනෙදා ජීවිතයේ ලැබෙන සෑම අභියෝගයකින්ම අපට ඉගෙනීමට යමක් එකතු වේ.එම නිසා අපි මුලින්ම ඉගෙනීම කියන්නේ කුමක්ද යන්න ව… Read More
  • අෂ්ඨ මහා නරක පිළිබඳ ඔබ නොදත් තතු - Truth of the Hell අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද යන මාතෘකාව යටතේ මින් පෙර ලියූ ලිපියේ සම්බුද්ධ ලෝක විදූ ඥාණයෙන් දේශනා කරන ලද සතර අපාය පිළිබඳව කෙටි හැඳින්වීමක් කර ඇත. ඉන් එක් අපායක් වන නරක (නිරය) පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමට මෙම ලිපිය… Read More

0 comments:

Post a Comment