කාලය (time) කියූ සැනින් අප හට මතකයට නැගෙන්නේ ඔරලෝසුවක කටුය. කාලය ගත වීම අපට අනුව නම් වේලාව වෙනස් වීම වේ. නමුත් මෙම කාලය යන සංකල්පය දාර්ශනිකයන් දුටු ආකාරය හා මේ පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කළේ කුමක් ද යන වග මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.
අවකාශ කාලය පිළිබඳ විද්‍යාත්මක මතය - The Scientific view of Time
කාලය ගැන අතීතයේ සිටම විවිධ මත පැවත එයි. ලෝකයේ සියලුම භෞතික ද්‍රව්‍ය මාන 3 කින් සමන්විත වන බව අපි දනිමු. ත්‍රිමාන (3D) යන්නෙහි අර්ථයද මෙයම වේ. මීට අමතරව නූතන විද්‍යාව සිව් වන මානයක් ගැන කතා කරන වග ඔබ දන්නවා ද? මෙම සිව් වෙනි මානය පිලිබඳ මුලින්ම අදහස ඉදිරිපත් කරන්නේ "ඇල්බට් අයින්ස්ටයින්" නම් ශ්‍රෙෂ්ඨ විද්වතාය. මෙතුමාට අනුව අවකාශ කාලය නම් සිව් වෙනි මානය විශ්වයේ සෑම කොනකම පැදුරක් ආකාරයෙන් විසිර පවතී. වස්තූන් පෘථිවියට ඇලී පවතින්නේ මෙම අවකාශ කාලයේ තෙරපීම නිසා බව මොහු ප්‍රකාශ කළේය.
මෙම මතය සම්භාව්‍ය භෞතික විද්‍යාව දෙදරා යන තරමටම ප්‍රබල විය. කාලයේ මෙතෙක් පැවතී නිරපේක්ෂ භාවය මෙම මතය හා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය (Einstein's Relativity Theory) නිසා බිඳ වැටිණි. ( නමුත් භාවිතයේ පහසුව හා දෝෂය ඉතා කුඩා බැවින් කාලය නිරපේක්ෂ යයි සලකා ඇතැම් අවස්තාවලදී ගණනය කිරීම් සිදු කරයි.)
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව වේගයෙන් චලනය වන වස්තුවකට සාපේක්ෂව ගතවන කාලය වෙනත් වස්තුවකට සාපේක්ෂව වෙනස් වේ. මෙය උදාහරණ සහිතව වටහා ගැනීමට පහත වීඩියෝව නරඹන්න.
ඉහත වීඩියෝව නැරඹු ඔබට කාලය(space time) ගැන විද්‍යාත්මක (Scientific) මතවාදය වඩා හොඳින් වටහා ගත හැකිය. මෙම මතයට අනුව ආලෝකයේ වේගයට (ආසන්න වශයෙන් තත්පරයට කිලෝමීටර 300 000) ආසන්න වන තැනැත්තාට අනාගතයට යා හැකිය. නමුත් සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ කාලය තරණය කළ තැනැත්තාට අනුව ඔහු අනාගතයේ වුවද කාලය තරණය නොකළ පිරිසට එය සාමාන්‍ය පරිදි වර්තමානයම වීමයි.(අනාගතයට ගියද කාල යාත්රිකයාට හමුවන්නේ, වඩා වේගයෙන් කාලය ගත වූ ඔහු හඳුනන පිරිසගේම වියපත් අවස්ථාවයි. සිදුව ඇත්තේ යාත්රිකයාගේ කාලය සෙමින් ගතවීම මිස ඔහු වෙනත් ලෝකයකට යාමක් නොවේ.)
මෙම නිසා ඇල්බට් අයින්ටයින්ට අනුව කාල තරණය (Time Travel) විය නොහැක්කකි.
අවකාශ කාලය පිලිබඳ බෞද්ධ මතය - The Buddhist View of The Space Time
බෞද්ධ දර්ශනයට අනුව කාලය යන සංකල්පයට වෙනස් අර්ථ කතනයක් දී ඇත. එනම් බුදු දහමට අනුව කාලය යනු වෙනස් වීමයි. බුදු දහමේ මූලික ඉගැන්වීමක් වන ත්‍රිලක්‍ෂණයේ පළමු කරුණ වන්නේ අනිත්‍යයයි. එනම් යමක් වෙනස් වීමකට බඳුන් වන්නේද එහි කාලය ගත වීමක් සිදු වේ. බුදු දහමට අනුව සදාකාලික කිසිම දෙයක් නොමැති බැවින් වෙනස් වූ කිසිවක් යලි එම තත්වයටම පත් කල නොහැක. (වඩා ගැඹුරින් සිතන්නේනම් පදාර්ථ පිළිබඳව සිතන්න.) එම නිසා කිසිවකුට අතීතය දක්වා කාල තරණය කල නොහැක. බුදුන් වහන්සේ විටෙක මෙසේ වදාරා ඇත. "චේතනාහන් භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා. කම්මං කරෝති කායේන වාචාය මනසා." "මහණෙනි මම චේතනාවට කර්මය යයි කියමි. කර්ම කයෙන් වචනයෙන් හා මනසෙන් සිදු කරයි." මෙම බුද්ධ වචනයට අනුව දෛවය ප්‍රතික්ෂේප වේ. දැන් ඔබට සාදාරණ ගැටළුවක් පැන නගිනු ඇත. "දෛවය බොරුවක්නම් බුදු හාමුදුරුවෝ අනාගතය කිව්වේ කොහොමද?" යන්න එම ගැටලුවයි.
මෙම ගැටලුවට විසඳුම මෙසේ දක්වමු. නියත වේගයෙන් යන බසයක් ගැන සිතන්න. එම බසය යම් කාලයකට පසුව ගමන් කරන දුර සුළු ගණිත කර්මයකින් නිසැකවම කිව හැකිය. මෙලෙස මනස අපරිමිතව වැඩු බුදුවරයකුට ලෝකය අතීතයේ පැවති දෙස හා වර්තමානයේ පවතින දෙස බලා අනාගතය පුරෝකථනය කල හැකිය. මේවා පුරෝකථන මිස අනාවැකි නොවේ. උදා- මෛත්‍රී බුදුන්ගේ පහල වීම ගෞතම බුදු හිමි දේශනා කරන්නේ ඒ සඳහා පාරමිතා පුරා සිටින තැනැත්තකු සිටින නිසාය. එම නිසා අපරිමිතව වැඩු මනසකට ලෝකයේ අනාගතය පුරෝකථනය කළ හැකි අතර එය අනාගතයම නොවේ. චේතනාව අනුව සියල්ල වෙනස් වේ. බුදුදහමට අනුව මෙය සදාතනික ධර්මතාවකි. පෙර භව වලදී උරුම වූ යම් කර්ම ශක්තියක් ඇතුව උපන්නද මෙම භවයේදී ඒ සියලුම කර්ම තම චේතනාව අනුව වෙනස් කර ගත හැකි බව බෞද්ධ ඉගැන්වීමයි.
එම නිසා බුදු දහමට අනුව කාලය යනු වෙනස් වීම පමණි. කාල තරණයද (Time Travel) කල නොහැක්කකි.
එම නිසා අපේ දෛවය අපටම සකස් කර ගත හැකිය. එම දෛවයේ කෙලවර උතුම් වූ නිර්වාණය අරමුණෙන් නිතර ප්‍රඥාව වඩමු.
0 comments:
Post a Comment