Advertisement

Friday, August 5, 2016

ජීවීන්ගෙන් නිකුත් වන රෂ්මි ධාරා (Human Aura) - Kirlian Photography


Human Aura
බෞද්ධ අපට මිනිස් සිරුරු වලින් රෂ්මි ධාරා (Human Aura) විහිදීම එතරම් ආගන්තුක සංකල්පයක් නොවේ. අප කුඩා කල සිටම බුදු රජාණන්වහන්සේගේ හා රහතන් වහන්සේලාගේ සිරුරු වලින් රෂ්මි ධාරා විහිදීම විවිධ කලාත්මක නිර්මාණ ඔස්සේ දැක ඇත. බුදුරැස් මාලාව යන වදන අපට අතිශය හුරු පුරුදු වදනකි.
සැබැවින්ම මිනිසකුගේ සිරුරින් රෂ්මි ධාරාවක් නිකුත් විය හැකිද?

ක්‍රි.ව. 1939 දී සෙම්යොන් කිර්ලියන් නම් විද්‍යාඥයා චායාරූප ක්ෂේත්‍රයට සම්බන්ධ පර්යේෂණයක නිරත වෙමින් සිටියේය. මෙහිදී අධි වෝල්ටීයතාවක් (High Voltage) සහිත තහඩු භාවිත කරන ලද අතර අහඹු සිදු වීමක් හේතුවෙන් මෙම විද්‍යාඥයාගේ එක් අතක් මෙම තහඩු අතරට ගොස් ඇත. පසුව සේයා රූ පරීක්ෂා කළ ඔහු, දුටු දෙයින් මවිතයට පත් විය.
ඔහුගේ අත සේයා පටලයේ සටහන්ව තිබිණි. ඒ සමඟම ඔහුගේ අත වටා රශ්මි ධාරාවක්ද (Aura) සටහන්ව තිබිණි. මෙය කිර්ලියන් නම් චායාරූප ක්ෂේත්‍රයේ උපත විය. වෝල්ටීයතා වෙනස්වීම් (Voltage Frequency) හා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර (Electro Magnetic Fields) භාවිතයෙන් වර්තමානයේ මෙම තාක්ෂණය ඉතා දියුණුවට පත්ව ඇත.

ගසක අත්තක ඇති ශාක පත්‍රයක් ඉවත් කර එම අතු කොටස මෙම ක්‍රම වේදයට අනුව චායාරූප ගත කළ විට ඉවත් කළ පත්‍රයද සහිතවම රශ්මි ධාරා සටහන් වේ. මෙම නිසා ජීවීන්ගේ සූක්‍ෂම ශරීරය පිළිබඳ නව සොයාගැනීම් රැසකට මෙම ක්‍රමවේදය මුල පුරා ඇත.

මෙම චායාරූප මඟින් කළ නිරීක්ෂණයන්ට අනුව මිනිසකුගේ සිරුරින් විවිධ හැගීම් වලදී විවිධ වර්ණයන්ගෙන් යුත් රෂ්මිධාරා (Different Colors Auras) නිකුත් කරන බව සොයාගෙන ඇත. පහත වීඩියෝව මගින් කිර්ලියන් චායාරූප කරණය පිලිබඳව ඔබට යම් අවබෝධයක් ලබා ගත හැක.



ඇතැම් සත්ත්වයින් හට මිනිසුන් පිළිබඳව වටහා ගැනීමට මෙම රශ්මි ධාරා උපයෝගී වන බවද නූතන විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. තවද යම් පුද්ගලයකු මිය යාමට ආසන්න වන විටදී හෝ දැඩි ලෙස රෝගාතුර වීමකදී මෙකී රශ්මි ධාරා වල දීප්තිය ඉතා අඩු වන බවද නිරීක්ෂනය කොට ඇත. යෝගාවචරයින්ගේ හා ඇතැම් විශේෂ හැකියාවල් සහිත පුද්ගලයන්ගේ මෙම රශ්මි ධාරාව සාපේක්ෂව වෙනස් බවද දැක ඇත.

මෙම චායා රූප තාක්ෂණයට භාවිතා කර ඇති විද්‍යාත්මක සිද්ධාන්තය (Scientific theory) කොරෝනා විසර්ජනය (Corona Discharge) ලෙස හඳුන්වයි. මෙම උපකරණය ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ දල අදහසක් ගැනීම සඳහා පහත රූපසටහන උපයෝගී කර ගත හැක.


Kirlian Photography Machine - Human Aura

එසේනම් පියවි ඇසට මෙම රෂ්මි ධාරා (Aura) දැකිය නොහැකිද?

 අප දන්නා පරිදි සාමාන්‍ය පුද්ගලයකුට තම දෑස් පමණක් උපයෝගී කරගෙන මෙම රශ්මි ධාරා දැකිය නොහැකිය. නමුත් බුදු දහමට අනුව මනස දුයුණු කළ පුද්ගලයකුගේ රශ්මි ධාරාව (Human Aura) අතිශයින්ම තීව්‍ර බව ඉහත පරිච්චේදයේ දක්වා ඇත. එම නිසා බුදු වරුන්ගේ හා රහතන් වහන්සේලාගේ රැස් මාලා සාමාන්‍ය මිනිසුන්ට පියවි ඇසින් දැකිය හැකි මෙන්ම මෙසේ මනස දියුණු කළ පිරිසට සාමාන්‍ය සත්ත්වයින්ගේ රෂ්මි ධාරා දැකීමේ හැකියාවද ඇති බව බුද්ධ කාලීන භාරතයේ ඇතැම් සිදුවීම් දෙස බැලීමෙන් වටහා ගත හැකිය.

යම් පුද්ගලයින් හට මානසික ශක්තියෙන් රෝගීන් සුව කිරීම වැනි විශේෂ හැකියා ඇති බව අප අසා ඇත්තෙමු. ඔවුන් මූලධර්ම නොදැන තම අත්දැකීමෙන් හසුරවනු ලබන්නේ ඉහත කී රෂ්මි ධාරාවම විය නොහැකිද? මෙකී රෂ්මි ධාරාව මේ වන තෙක් සොයා ගෙන ඇති කිසිදු විද්‍යුත් තරංග සංඛ්‍යාතයකට සමාන නොවන බැවින් මෙම ශක්තිය පිළිබඳ පර්යේෂණ කිරීම අධි භෞතික විද්‍යාවට බාර දී ඇත. අද අධි මානසික විද්‍යාවේ බොහෝ අවශ්‍යතා සඳහා මෙම උපකරණ යොදා ගනී.

නමුත් බෞද්ධ අපට මේ පිළිබඳව නැවත පර්යේෂණ (reserch) කිරීමට අවශ්‍ය නොවේ. බුදුන් වහන්සේ නාලාගිරි වැනි හස්තීන්, අංගුලිමාල වැනි මිනී මරුවන්, ආලවක වැනි යක්ෂයින් දමනය කිරීමට යොදාගත්තේ තම මනසින් ගොඩ නැගූ ශක්තීන් පමණි. එම ශක්තීන් අවදි කරමින් උතුම් වූ නිර්වාණයට යන මග බටහිර විද්‍යාඥයන්ට නම් සොයා ගත නොහැකි වනු ඇත. එකී මාර්ගය උපතින්ම හිමි අපි නොපමාව එම මඟෙහි ගමන් කරමු..

තෙරුවන් සරණයි.

(මෙම ලිපියේ පූර්ණ හිමිකම www.pragnawa.blogspot.com සතු වන අතර තොරතුරු ලබා ගැනීම- Wikipedia විශ්ව කෝෂයෙනි.) 

Related Posts:

  • අෂ්ඨ මහා නරක පිළිබඳ ඔබ නොදත් තතු - Truth of the Hell අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද යන මාතෘකාව යටතේ මින් පෙර ලියූ ලිපියේ සම්බුද්ධ ලෝක විදූ ඥාණයෙන් දේශනා කරන ලද සතර අපාය පිළිබඳව කෙටි හැඳින්වීමක් කර ඇත. ඉන් එක් අපායක් වන නරක (නිරය) පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමට මෙම ලිපිය… Read More
  • අවබෝධයට උදව් වන කරුණු හතක්. (සප්ත සම්බෝජ්ජංග)           අප සෑම දෙනාම මෙලොව එලිය දුටු දා සිට මිය යන තුරුම ඉගෙනීම සිදු කෙරේ. අපට එදිනෙදා ජීවිතයේ ලැබෙන සෑම අභියෝගයකින්ම අපට ඉගෙනීමට යමක් එකතු වේ.එම නිසා අපි මුලින්ම ඉගෙනීම කියන්නේ කුමක්ද යන්න ව… Read More
  • සතර බ‍්‍රහ්ම විහරණ - Sathara Brahma Wiharana             බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික සැනසීම පිණිසත්, ඒ තුළින් සමස්ත සමාජයේ පොදු යහපත පිණිසත් හේතුවේ. මිනිස් සිත් තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මස… Read More
  • ලොවක අවසානය බුදු නුවණින් දුටු අයුරු. (සත්තසුරියුග්ගමන සූත්‍රය) සුර්යයා අපව කෙසේ ගිල ගනීද?  සත්වයාගේ ඉරණම කෙසේ වේද?  ලෝකයේ දුවිල්ලක් වත් ඉතුරුවේද?  ඉන් පසු කුමක් වේද?                    මෑත භාගයේදී විශාල වශයෙන් කතා… Read More
  • අෂ්ඨ මහා නිරයන්ට අමතරව තවත් කුඩා නිර තිබේද? අෂ්ඨ මහා නිරයන් පිලිබඳ ඔබ නොදත් තතු යන ලිපිය යටතේ අට මහා නිරය පිළිබඳව සවිස්තරාත්මකව දක්වා ඇත. මෙම ලිපිය මඟින් ගවේෂණයට සූදානම් වන්නේ එම අට මහා නිරයට අමතරව ඇති කුඩා නිරයන් පිළිබඳවය. බුදු දහමේ අට මහා නිරයන්ට අමතරව තවත… Read More

0 comments:

Post a Comment