"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා"

සියලු පාපයන්ගෙන් වැළකෙන්න. නිතර කුසල් දහම්හි යෙදන්න.

Advertisement

Wednesday, November 23, 2016

පිරිත් මණ්ඩපයක මූලිකාංග - Pirith Mandapa

බොහෝ බෞද්ධයන් තම නිවසේ පිරිත් දේශනාවක් කර ගැනීමට විශාල උනන්දුවක් දක්වනවා. නමුත් මේ බැරෑරුම් කාර්යයේදී විශාල මුදලක් මෙන්ම විශාල කාලයක්ද වැය කිරීමට සිදු වනවා.  පිරිත් මණ්ඩපයක් (Pirith Mandapayak) සාදන නියම ආකාරය දැන ගැනීමෙන් අනවශ්‍ය වියදම් අඩු කරගෙන හරවත් පිරිත් දේශනාවක් පැවැත්වීමෙන් එහි ආනිසංස උපරිමයෙන් ළඟා කර ගැනීමේ හැකියාව පවතිනවා.  බුදුරජාණන් වහන්සේ පිරිත (Piritha) සම්බන්ධව මෙසේ දේශනා කළ සේක. “ද්වේමේ භික්ඛවෙ යාගා ආමිස යාගො...

Wednesday, August 31, 2016

වර්තමානය නොදුටු අතීතය දුටු විශ්වයේ රහස්.

මහානායක හාමුදුරුවනේ, මේ අනන්තවත් සක්වළවල් අතර අපි හුදකලා ලෝකයක ජීවත් නොවීමට නම්, අප වටා තවත් ජීව ලෝක තිබිය යුතු නේද? ඒ මොනවාද? ඉතා පැහැදිලිව ජීව ලෝක 31 ක් ගැන බුදුදහමේ විස්තර කර තිබෙනවා. කාම ලෝක 11 ක්, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ඒ අතර වෙනවා. අප ජීවත් වන මනුෂ්‍ය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය, පේ‍්‍රතාසුර හා නිරය මෙන්ම සදෙව් ලෝකය (දිව්‍ය ලෝක 06) මෙම කාම ලෝක 11 ට ඇතුළත් වෙනවා. ඒ වගේම, රූප ලෝක ගණයට සොළොස් බඹ ලොවක් ගැන විස්තර කෙරෙනවා. ඊගාවට...

Tuesday, August 30, 2016

ලොවක අවසානය බුදු නුවණින් දුටු අයුරු. (සත්තසුරියුග්ගමන සූත්‍රය)

සුර්යයා අපව කෙසේ ගිල ගනීද?  සත්වයාගේ ඉරණම කෙසේ වේද?  ලෝකයේ දුවිල්ලක් වත් ඉතුරුවේද?  ඉන් පසු කුමක් වේද?                    මෑත භාගයේදී විශාල වශයෙන් කතාවේ යෙදුනු මතෘකාවක් පිලිබඳ බුද්ධ දේශනාවේ සදහන් වන "සත්තසුරියුග්ගමන සූත්‍රය"  සිංහල අරුතෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණ වේ.                    එක් සමයෙක්හි භාග්‍යවතුන්...

Wednesday, August 24, 2016

අෂ්ඨ මහා නිරයන්ට අමතරව තවත් කුඩා නිර තිබේද?

අෂ්ඨ මහා නිරයන් පිලිබඳ ඔබ නොදත් තතු යන ලිපිය යටතේ අට මහා නිරය පිළිබඳව සවිස්තරාත්මකව දක්වා ඇත. මෙම ලිපිය මඟින් ගවේෂණයට සූදානම් වන්නේ එම අට මහා නිරයට අමතරව ඇති කුඩා නිරයන් පිළිබඳවය. බුදු දහමේ අට මහා නිරයන්ට අමතරව තවත් ක්‍ෂුද්‍ර නිරයන් ගණනාවක් දක්වා ඇත. මේවා අතරින් ප්‍රධාන නිරයන් කිහිපයක තතු පමණක් මෙම ලිපිය ඔස්සේ සවිස්තරාත්මකව සාකච්චා කරමු. ප්‍රධාන ක්‍ෂුද්‍ර නිර සතර පහත පරිදි වේ. ගූථ නිරය  කුක්කුල නිරය අසිපත් වන නිරය  සම්බලි...

Saturday, August 20, 2016

අවබෝධයට උදව් වන කරුණු හතක්. (සප්ත සම්බෝජ්ජංග)

          අප සෑම දෙනාම මෙලොව එලිය දුටු දා සිට මිය යන තුරුම ඉගෙනීම සිදු කෙරේ. අපට එදිනෙදා ජීවිතයේ ලැබෙන සෑම අභියෝගයකින්ම අපට ඉගෙනීමට යමක් එකතු වේ.එම නිසා අපි මුලින්ම ඉගෙනීම කියන්නේ කුමක්ද යන්න වටහා ගනිමු. යමක් තේරුම් ගැනීම එසේත් නැතිනම් අවබෝධ කරගැනීම ඉගෙන ගැනීම ලෙස අර්ථ කථනය කළ හැකිය.                  ඉගෙන ගැනීමට උදවු වන එසේත් නැතිනම් අවබෝධයට උදවු වන කරුණු හතක් බුද්ධ...

Thursday, August 18, 2016

අෂ්ඨ මහා නරක පිළිබඳ ඔබ නොදත් තතු - Truth of the Hell

අපාය යනු හුදෙක් මිත්‍යාවක්ද යන මාතෘකාව යටතේ මින් පෙර ලියූ ලිපියේ සම්බුද්ධ ලෝක විදූ ඥාණයෙන් දේශනා කරන ලද සතර අපාය පිළිබඳව කෙටි හැඳින්වීමක් කර ඇත. ඉන් එක් අපායක් වන නරක (නිරය) පිළිබඳව සවිස්තරාත්මකව කරුණු දැක්වීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමි. අෂ්ඨ මහා නරක යනු මොනවාද? අප මහා බුදු රජාණන් වහන්සේ වදාළ කාම ලෝක 11 ට අයත් සතර අපායෙන් එක් අපායක් වන නරකය හෙවත් නිරය ප්‍රධාන කොටස් 8 කට බෙදා දක්වා ඇත. මේවා අෂ්ඨ මහා නරක ලෙස හැඳින්වේ. සත්ත්වයා තම කර්ම ශක්තියේ...